ගඩාෆි ගැන බටහිර මාධ්‍ය වසන්කල දේ !


ගඩාෆි ගැන බටහිර මාධ්‍ය වසන්කල දේ !

අවුරුදු 41 පුරාවට තමන්ගේ රට වෙනුවෙන් ගඩාෆි මහතා සිදුකරනු ලැබූ දේවල් අතිශයින්ම විශ්මය ජනකයි.
මුළු මහත් අප්‍රිකාවම එක්සත් කරමින් බලගැන්වීම සදහාද නොමද උත්සහයක් දැරූ නායකයෙක් ලෙස ඔහු හදුන්වන්න පුළුවන්.
ගඩාෆි යනු දරුණු ඒකාධිපති පාලකයෙක් බවයි බටහිර මාධ්‍යය වාර්තා කර සිටියේ.

නමුත් තමන්ගේ රට වෙනුවෙන් ඔහු සිදුකරනු ඇතැම් ප්‍රශංසනීය දේවල් පිලිබදව නම් බටහිර මාද්‍යය කිසිවක් වාර්තා කරේ නැහැ.
ලිබියාව වෙනුවෙන් ඔහු සිදු කරනු ලැබූ එහෙත් ඔබ කිසිදා අසා නොමැති දේවල් කිහිපයක් මෙන්න.
1. අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රතිකාරයන් සියල්ලම ලබා දුන්නේ නොමිලේ.
ගඩාෆි ලිබියාව පාලනය කරන සමයේ මැදපෙරදිග සහ අප්‍රිකාව තුල හොදම සෞඛ්‍ය සේවාව සපයන රටක් බවට ලිබියාව පත්ව තිබුනා.
2. විදුලිය සම්පූර්ණයෙන්ම නොමිලේ.
විදුලිය නොමිලේම ජනතාවට ලබාදුන් හෙයින් විදුලි බිල්පත් ක්‍රමයක් ලිබියාව තුල තිබුනේ නැහැ.
3. ලාබදායි පෙට්රෝල්
ගඩාෆිගේ රාජ්‍යකාලය තුල පෙට්‍රල් ලීටරයක මිල වුයේ ඩොලර් 0.14 ක් පමණයි.
4. අලුත උපන් බිලිදුන් සිටිනසෑම මවකටම ශිෂ්‍යාධාර මුදලක් ලබා දුන්නා.
ලිබියානු කාන්තාවක් දරුවෙකු ප්‍රසුත කල පසුව දරුවාට සහ මවට ඇමෙරිකානු ඩොලර් 5000ක මුදලක් ලබා දීමට ගඩාෆි නියම කරතිබුනා.
5. අධ්‍යාපනය නගා සිටුවීමට ගඩාෆි ක්‍රියා කරා.
ගඩාෆි අතට ලිබියාව පත්වීමට පෙර ලිබියාවේ සාක්ෂර තාවය වුනේ සියයට 25කි. නමුත් ගඩාෆිගේ දර්ශනය යටතේදී එය සියයට 87ක් දක්වා වර්ධනය වුනා. විශ්ව විද්‍යාල උපාදිධාරීන් සියයට 25ක් පමණ එකල බිහුවුනා.
6. ලිබියාවටම අයත් රාජ්‍ය බැංකුවක් තිබුනා.

සියයට 0 ක බැදුම්කරයක් යටතේ එරට පුරවැසියන්ට ණය ලබාදෙන රාජ්‍ය බැංකුවක් එකල ලිබියාව තුල තිබුනා. ඒවගේම කිසිදු පිටස්තර නයක් ඔවුන් සතුව තිබුනේ නැහැ.
7. රන් ඩිනාරය
මුළු අප්‍රිකාවටම එක් මුදල් ක්‍රමයක් හදුන්වාදීමට ගඩාෆි දැඩි බලාපොරොත්තුවකින් පසුවුණා.
ගඩාෆි මෙම ක්‍රමය හදුන්වාදුන්නා නම් ලෝක ආර්ථිකයට එය මරු පහරක් වෙනවට කිසිම සැකයක් නැහැ.
මෙම ඩිනාරයේ බලපෑම තදින්ම දැනේනේ ගඩාෆිට බලපෑම් එල්ලකරනු ලැබූ බටහිර සමාජයටයි. මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක උනානම් අප්‍රිකාවේ නය සහ දුප්පත්කම නැතිවී යන්නට ඉඩ තිබුනා.
රත්‍රන් ආකාර වලින් පොහොසත් වුනත්, පවතින මෙම බටහිර අධිරාජ්‍යවාදී ආර්ථිකය හමුවේ අප්‍රිකාව ඉතාමත්ම දුප්පත්ව සිටින හැටි ඔබට පෙනෙනවා ඇති.
බටහිර අධිරාජ්‍යයට එරෙහිව නැගී සිටීමට වෙරදැරූ ගඩාෆිට අවසානයේදී උරුමවුනේ මරණයයි.
තම රටවෙනුවෙන් ගඩාෆි මහතා සිදුකරනු ලැබූ තවත් බොහොමයක් දේවල් තිබෙනවා. මේ ඉන් ස්වල්පයක් පමණයි.  අපට අවශ්‍ය කර තිබුනේ බටහිර මාධ්‍ය විසින් සැගවීමට උත්සහ කරනු ලැබූ පැතිකඩක් පිලිබදව ඔබේ අවධානය යොමු කිරීමටයි.

Comments